Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Sinasenna Bane

👤 Romesh Sugathapala 🎼 Mandakini ⏱️ 3:42
🎵 2000 characters
⏱️ 3:42 duration
🆔 ID: 10500576

📜 Lyrics

හැගුම් මත් කලා එ නුරා දෑසේ මායා
නැගු මල් සිනා හද පුරා සුවඳ දීලා
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා
දුර යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලා

සිනාසෙන්න බෑනේ
ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ

සිනාසෙන්න බෑනේ
ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ

නිල්වන් ගැබේහි
සඳ හැංගුනාසේ
ඔබ එයිද ආයේ
දෑස පේන මානයේ

මල පරවුනා සේ නොපිපෙද ආයේ
හද රැදුන සිහිනේ බොඳවේද මාගේ
හදවිලම සනසන්න දුක මාගෙ නිවාලා

සිනාසෙන්න බෑනේ
ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ

සිනාසෙන්න බෑනේ
ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ

සංසාර හීනේ
ඔබ නේද මාගේ
මේ පෙම් කතාවේ
ගිනි ඇවිලුනානේ

හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිනි දැවෙන ලෝකයේ මං තනිවෙලානේ
මුණගැහුන තැන තාම මම ඉන්නවා

සිනාසෙන්න බෑනේ
ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ

සිනාසෙන්න බෑනේ
ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ

සිනාසෙන්න බෑනේ
ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings