Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Mathaka Roopa (feat. Moksha Wijekoon)

👤 Vish Teezy 🎼 Mathaka Roopa (feat. Moksha Wijekoon) ⏱️ 4:35
🎵 4492 characters
⏱️ 4:35 duration
🆔 ID: 12767797

📜 Lyrics

මාගේ ලොවේ නම් ඉඩක් නෑ නුඹට ආයේ
නෑ පතන්නේ මං වෙන කෙනෙක් ආයේ නුඹ වාගේ
මාගේ ලොවේ නම් ඉඩක් නෑ නුඹට ආයේ
නෑ පතන්නේ මං වෙන කෙනෙක් ආයේ නුඹ වාගේ

මගේ හදවත විලක්නම්
උඹ තමා කුමාරිකාව පතුලට බැස්ස
මං මතක වැස්සේ තෙමෙනවා තාමත්
කියයි තතු පහුවදාට කැස්ස

තැව්ව දුක හොඳම කවටයත් උඹයි
කෙල්ලේ හමුවුනු ඒකයි ඇත්ත
උඹ ගැන අනාවැකි කියද්දි යාළුවෝ
මං රැවටිලයි ගත්තේ උඹේ පැත්ත

පසුතැවෙන්නයි වෙන්නේ කෙල්ලේ උඹට
කන්න වෙන්නේ මගේ නියඟලා වදන්
මතු දවසක උඹත් හඬයි
කලක් මං වගේ හිටපු නිහඬව හඬන්

දුක තද කරන් වේලෙන්න වෙයි
වැස්සක් එනකන් ඉඩෝරය දෙස බලන්
උඹේ තනියට හෙවනැල්ලවත් ළඟ නැති
දවසක් ඒවී අහසම කළු කරන්

මට ඇති දුක උඹට කොයින්ද?
මේ කතාවේ වරදකරු කළා මාව
මං ඒ මතක රූප දඟගෙට කොටු වුන
සිරකරුවෙක් වගේ තාම

අදටත් උඹ නැතත් මගේ අම්මා ඉන්නවා
පාළු මකන්නට මං ගාව
හිර කරනවා මං උඹේ අහංකාරකම
යකඩ කටු පදයි මගේ දාම

අද වගේ මතකයි තාමත්
මාව වසඟ කළ උඹේ ලතාව
පණ දෙන්න තමයි ළඟ හිටියේ
ඒත් උඹ අවසන් කළානේ කතාව

පතාන ආවත් ආයෙම ඇහැරවන්න මං
ආස නෑ හිටිය සතාව
මේ ගමන තමයි මං උඹව හමුවෙන්න
ආපු අවසන් වතාව

මාගේ ලොවේ නම් ඉඩක් නෑ නුඹට ආයේ
නෑ පතන්නේ මං වෙන කෙනෙක් ආයේ නුඹ වාගේ
මාගේ ලොවේ නම් ඉඩක් නෑ නුඹට ආයේ
නෑ පතන්නේ මං වෙන කෙනෙක් ආයේ නුඹ වාගේ

උඹ වුනා වැල්ලට ආපු සැඩ රළක්
මං උඹට දුන්න මලක් ගානේ
මගේ ළඟට ඇවිත් උඹ ගැහැවෙම ගලක්

මුල්ම කාලේ තිබ්බ සෙනෙහස
අඩුවෙනකොට ලොවෙත් හිතුනා වෙන්නෑ ඵලක්
ඒ මතක කැරකෙනවා ඔලුවේ
තාමත් මැකී යන්නෑ තිස්සෙම කලක්

ඕනේ තරම් තිබුණත් මට වාර
මේ හිත ඉඩ දුන්නෑ උඹව වනසන්න
පවසන්න බොහෝ දේ තිබුණත්
වැන්දේ නෑ මමනම් උඹව නවතන්න

ඉවසන්න කතාවේ තැන් ගොඩයි
අවසානේ කවුරුවත් නෑ සනසන්න
ඔව් මගේ හිත බොරදිය වගේ
ආයෙත් උඹ ඇවිත් තවත් එපා කලතන්න

මේ කතාවේ වැරදුනු තැන් ගොඩයි
ඒ වැරදි මකන්න කෙල්ලේ උඹ බොරු දොඩයි
මඟ තනිවුනේ උඹේ බොරු නිසයි
අනේ කෙල්ලේ එපා බොරු උඹේ ආලේ හරි විසයි

ලස්සන මලක් උඹ විලක පිපුණු
මං ඒ විල පතුලේ එක ගලකි තිබුණු
ලෝකයක් නෑ මට කොහොමත් ආදරේ පිරුණු
මේ වෑයම මකන්න උඹේ සිත්තම මගේ හදවතේ ඇඳුණු

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings