Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Tharaka Pelin Eha

👤 Athula adikari 🎼 Ron Podak ⏱️ 4:01
🎵 2364 characters
⏱️ 4:01 duration
🆔 ID: 12961696

📜 Lyrics

තාරුකා පෙළින් එහා සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝනන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉඳින්නලූ

ආදරේ සුරංගනා ලෝකයේ පහන්වැටේ
රත්තරන් පහන්තරු කරයි අන්න ආරාධනා
එහේ ඉඳින්න එන්නලූ ආදරේ කුමාරි හා

කඳු නිම්නේ අපි දෙන්නා තනිවීලා
සුුදු මීදුම් අප දෑතේ පැටලීලා
මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි

ඔබ මා ඉන්නෙ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැඳෑව මේ සුරඟනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා

තාරුකා පෙළින් එහා සේද නිල් ගුවන් තලේ
රත්තරන් පහන්තරු කරයි අන්න ආරාධනා
එහේ ඉඳින්න එන්නලූ ආදරේ කුමාරි හා

අත් පටලා තුරු අතරින දිව යමුදෝ
සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ

අපි දෙන්නයි සැන්දෑවයි කඳු රෑනයි
හමුවූ යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සැඳෑව මේ සුරඟනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා

තාරුකා පෙළින් එහා සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝනන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉඳින්නලූ

ආදරේ සුරංගනා ලෝකයේ පහන්වැටේ
රත්තරන් පහන්තරු කරයි අන්න ආරාධනා
එහේ ඉඳින්න එන්නලූ

එහේ හිඳින්න එන්නලූ
එහේ ගිහින් ඉඳින්නලූ
එහේ හිඳින්න එන්නලූ
එහේ ගිහින් ඉඳින්නලූ

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings