Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Kiyaganna Bari Uw Preme

👤 Funky Dirt 🎼 Kiyaganna Bari Uw Preme ⏱️ 4:39
🎵 1964 characters
⏱️ 4:39 duration
🆔 ID: 13547410

📜 Lyrics

කියා ගන්න බැරි වූ ප්රේමේ
ලබන මාසේ බඳිනවාලු
එයා දුන්නු invitation
දැකලා නෙතඟේ පිරෙන කඳුළු

හෝ ගාලා ගලනවානේ - tap එක ඇරියා වගේ...
නවත්ත ගන්න බෑනේ - දෝරෙ ගලා බහින ආලේ...

සුන්දරයි රෝස කැලෙන් ඇහින්දැයි...
දෛවේ කින්ඩියයි... මේ කෙල්ල මගෙ නොවෙයි...
ශෝකයයි ඒකපාර්ශවීයයි...
කඳුලේදීත් සැපයි. ප්රේමේ උත්තරීතරයි...

සන්තෝසයි.උත්කෘෂ්ටයි.ප්රේමේ. පුදුමාකාරයි.
විටෙක ගෝලාකාරයි...

බදාගත්ත කොට්ටේ දන්නෙ
නිදාගන්න කාපු කට්ට මාගේ
නෙලාගන්න බැරි වූ කුසුමේ
පෝච්චිය පිටින්ම එහා වත්තේ

කලට වතුර ලැබෙනවාදෝ
නඩත්තු කරනවදෝ
නටුව නොවෙයි මල කියා මුරුංගා අත්තේ තියනවාදෝ...

සුන්දරයි රෝස කැලෙන් ඇහින්දැයි...
දෛවේ කින්ඩියයි... මේ කෙල්ල මගෙ නොවෙයි...
ශෝකයයි ඒකපාර්ශවීයයි...
කඳුලේදීත් සැපයි. ප්රේමේ උත්තරීතරයි...

ඔබ ඇමතූ ග්රාහකයා - කාර්ය බහුල වෙලා
මේ ලෝකෙ සියලු ග්රහයෝ - කතාවෙලා නීච වෙලා
පෙම නිසා වෙයි කුජීත - ඒ පෙම...

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings