Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

THANTHRA

👤 Ramesses Reezy 🎼 ICONOGRAPHY ⏱️ 3:56
🎵 6296 characters
⏱️ 3:56 duration
🆔 ID: 16554640

📜 Lyrics

තේරුම් ගනින් මොකද්ද වැරැද්ද
ඇස්වහන් ඉන්නේ පෙනී ඇත්ත
බොරු පිළිගන්න එකද පැවැත්ම
මුලා වෙනබව දැනිලම නැද්ද
ටික දෙනයි තමයි විදින්නේ වැස්ස
සුළු දෙනයි දැක්කේ නොපෙනෙන පැත්ත
මම හඳුනමි මගේ හදගැස්ම
නවතින්න නෙවේ මම පව් කෙරෙහි දැම්මා

හරි හරි
යදන් කඩන් යදී
හරි හරි
අධීමානෙන් වඩී
හරි හරි
ආසා බලන් සකි
අපි නාවන් නෑ ඩෝ නරි
අපේ වදන් බර අවි

හරි හරි හරි හරි
හරි හරි හරි හරි
හරි හරි හරි හරි
අපේ වදන් බර අවි
අපි නාවන් නෑ ඩෝ නරි

බලාගෙන මසි
ලෙසිවෙන්නෑ අපි
වේලාව දැන් හරි මගේ පාරින් යමි
ගලායන නදී
පේනවද සකි
පරණ කෙනා මරලා ඉපදුනා මං යළි
කුණාටුව නිහඬයි, වදන් විරලයි
වැටී වැටී නැගිටින්න බෑ, මටම විතරයි
අඩිය තියන්නේ උඩට හොදට හිතලෙයි
අල්ලන්නේ නිල මම කා හරි මෙතනට තියලයි
යන්thra, මන්thra නෙවෙයි මේවා තන්thra
බොරු කෑරි ගැලවෙයිද වස්thra
වයසට වැඩිය දේවල් දැක්ක
මේකයි චිthra වචනෙන් මං ඇන්ද
තිබ්බේ නෑ බං කටේ රිදී හැන්ද
ඒක තමයි මුල අපි රැක්ක
ඇස්වලින් නෙවේ පෙනේ ඇතත්
අහගනි මගේ හද ගැස්ම
මැවුවා හීන පාට පාට ජාතී
එකල දැම්මේ රස්තියාදු පාටී
රූස්ස ගස් නැවෙන්නේ දැන් හමා වී
අපිව කරගන්නේ, උබ ගැන නසරානී
පරණ පුරුදු මම වලදාවී
වැටෙන්නෑ යාළු අපි මුදුනට යාවී
කිසිම දේකට මම නෑ සීමාවී
මගේ උන් හඩින් මේ පද කියාවී

හරි හරි
යදන් කඩන් යදී
හරි හරි
අධීමානෙන් වඩී හරි හරි
අධීමානෙන් වඩී
හරි හරි
ආසා බලන් සකි
අපි නාවන් නෑ ඩෝ නරි
අපේ වදන් බර අවි

හරි හරි හරි හරි
හරි හරි හරි හරි
හරි හරි හරි හරි
අපේ වදන් බර අවි
අපි නාවන් නෑ ඩෝ නරි

කාගෙන් වත් අහන්නෑ මං හරිද, මම හරි නම් මට හරි
වැරදි පෙන්නන්න පුළුවන් "හරි" යි කියන කාටහරි
මනින්න කලින් කණ්නාඩියෙන් බැලුවා නම් වඩා හරි
වැරදි තීරණයක් නොගෙන හිත මගහරියි

ගුණ හැර නුගුණ ආවේ නෑ අම්මා තාත්තා ගාවින්
මල්ලි යි මම යි ඇස් ඇරියේ සිරසේ තියන් සරසවි
විනාසකාරි පිරිස් සංගීතේ රසේ වනසාවී
උන් නසන්න යි බැස්සේ මේ අසමසම බර අවි

උන් කිව්වේ, අතාරියි දරාගන්න බැරි වූ විට
දුක යි දකිද්දී මානෙන් උදම් වූ උන්, වැනි "මූසිල"
උන් ට පුදන එවුනුත් ඉන්නවා මැටි බුදින
පිරිත් ඇහෙන විට යක්කුන් ට බැරි ලු ඉන්න

උඹලා කද්දී මොළ, අපි සුද්ධ කළා
වළෙන් එන්න ගොඩ, අපි යුද්ධ කළා
කලාව ගුණාත්මක ව praගුණ කළා
මේ වගේ වදන් හසුරවන්න බෑ දැන් සුද්දා ට වත්!

"තන්thra" ලියන්නම් ඉතිහාස graන්ථ
"රන් අකුරින්" නොහැකි වන සේ මකන්න
කෙන්ද උඹ ඉන්නේ පාත් වෙනකම් ද කන්ද?
උඹට දරන්න පුලුවන් ද?

අන්ද මන්ද වන කාරණාව මං ද?
මාව දන්නෝ දන්නවා මං ගංගාවක් වදන්
මං තමන් ව දන් දුන්නා වෘතාන්තයක් හදන්න
එන්නේ මන්දාකිණි කළඹන්, නම "භවthraa"

පහදන්නම් හදවත් තවත් පද බන්දා
නෑ අවශyaමත්, අවසානයි මං නම රන්දා
නෑ වස්! කළා සිදුරු, පියවි ඇසින් හංගා
සවන් වැකී "බරණ" ත් දිවැසින් බලයි ලංකාව!

හරි හරි
යදන් කඩන් යදී
හරි හරි
අධීමානෙන් වඩී
හරි හරි
ආසා බලන් සකි
අපි නාවන් නෑ ඩෝ නරි
අපේ වදන් බර අවි

හරි හරි හරි හරි
හරි හරි හරි හරි
හරි හරි හරි හරි
අපේ වදන් බර අවි
අපි නාවන් නෑ ඩෝ නරි

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings