Ahasin Watena
🎵 838 characters
⏱️ 3:38 duration
🆔 ID: 20268193
📜 Lyrics
අහසින් වැටෙනා පිනිබිඳු දිලිසේ
හිරු නැගෙනා මොහොතේ
රහසින් පිපෙනා වනමල් අතරේ
ඔබ ඇයිදෝ සැඟවී
ඔබ දැකගන්නට සිත මා ලත විය
කිමදැයි නාවේ සිත විමසයි
හද තැවුනාවේ එය රිදුනාවේ
සීතල උදයක මීදුම වී
අහසින් වැටෙනා...
පැවසිය නොහැකිද සිතේ කතාවන්
අඳුරේ තනිවී මුලා වෙලා
සැකයෙන් සෝකෙන් ගැලවිය නොහැකිද
රෑ තුන් යාමේ නිදිමරලා
අහසින් වැටෙනා...
හිරු නැගෙනා මොහොතේ
රහසින් පිපෙනා වනමල් අතරේ
ඔබ ඇයිදෝ සැඟවී
ඔබ දැකගන්නට සිත මා ලත විය
කිමදැයි නාවේ සිත විමසයි
හද තැවුනාවේ එය රිදුනාවේ
සීතල උදයක මීදුම වී
අහසින් වැටෙනා...
පැවසිය නොහැකිද සිතේ කතාවන්
අඳුරේ තනිවී මුලා වෙලා
සැකයෙන් සෝකෙන් ගැලවිය නොහැකිද
රෑ තුන් යාමේ නිදිමරලා
අහසින් වැටෙනා...