Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Sanda Tharu Nihadai

👤 W. D. Amaradeva, Kularatne Ariyawansa, H. M. Jayawardena 🎼 Sandawathi ⏱️ 3:07
🎵 1154 characters
⏱️ 3:07 duration
🆔 ID: 31434001

📜 Lyrics

සඳ තරු නිහඬයි
ගහකොළ නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

පියා නුවන් යුග නිවා හැඟුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාලුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කලා

සඳ තරු නිහඩයි
ගහකොළ නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ
හදවත අවදි කලා

සඳ තරු නිහඬයි
ගහකොළ නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

හ හා හ හ හා හහහා හහහා
හ හා හ හ හා හහහා හහහා

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings