Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Alu Samanallu

👤 Dr.BSKing feat. Mister D & Dhyan Hewage 🎼 Vaccination - Quarantine 2 ⏱️ 4:38
🎵 6252 characters
⏱️ 4:38 duration
🆔 ID: 5492850

📜 Lyrics

ආස කරේ මං ගවුමට
වටයක් කැරකුනේ උඹේ රවුමට
උඹේ පිහාටු අස්සෙන් දැක්ක හිනාවට පැණි හැලුවා මම යහමට
රහ වැටිලා මම හොඳටම
නුඹේ සෙන්ට් සුවඳට තොල්පෙති පාටට
හිරි වැටිලා මගේ ඇඟ හොඳටම
Sick එක වගේ මට නුඹ නැතුවම

ඇඳගෙන ලස්සන ඇඳුමක්
පාට කරන් පොඩි දෙතොල් රෝස
පැයේ ටාගට් කොටුවෙලා ජීවිතේ
රෙදි කැපුවේ උඩ තියන් මේස
යන්න නෙමෙයි කමේ වේස
ටවුමට ආවේ බැඳන් හීන පොදි
අරන් යන්න දෑවැද්දක්
අනාගත කුමාරයා එනකං මග බලන්

බිංදා ඈ බෝඩිමේ වලං
කටේ තියාගෙන වැනිලා පලම්
කලු කුමාරයා ඇගේ මල තලන්
අතට ලැබුනේ ටෙම්පරි පනම්
ගමට යන්නේ කවදද අම්මේ එනවා ඈ නුඹ සොයාගෙන
බඩගින්න නිසා නුඹ යන්නේ මිලියන ගනනක් මරාගෙන

ගොඩක් එවුන් ගැටි කඩාගෙන
හොඳහැටි අනාගතේ අනාගෙන
ලෝකයා ඉන්නේ බලාගෙන
කතන්දරේ මුල අග ගොතාගෙන

ඇවිදිනකොට නුඹ ලැජ්ජාවෙන්
කොල එක දෙක ගුලි වෙලා සාමෙන්
පත්තිනි මෑනියගේ නාමෙන්
තැලෙන්නේ නුඹේ ජීවිතේ කාමෙන්

මැනේජර්ගේ සාක්කුවෙන් ගෙවෙන්නේ බෝඩිමේ ගාස්තු
ත්රීවිල් අයියගේ සාක්කුවෙන් තුන් වේලම කරනවා මාත්තු
මුදලාලි මහත්තයා ඇවිදින් කරාවි බිස්නස් නඩත්තු
වැටහෙනකොට වැරදුනු තැන් හැදෙනවා අත් දෙකටම කඩිත්තු

ලස්සන ලස්සන පාටට උඹ දකිද්දි හිමිදිරි උදෑසන
ඉඳිකට්ටෙන් අනිනවා වගේ හිරු එලියට මුසුවුනු සිනාවට
ලංවුනේ මම ලතාවට නුඹෙ කතාවේ රටාවට
වහ වැටිලා මම නුඹේ කලාවට

මේ කලුවරේ...
රාග හී පපු කුරේ...
ඈ...
පරවුනේ...
ගිනියමේ

එතකොට බොට විසි තුනයි
උබ ණය ගෙව්ව ගොඩක් හැට තුනයි
මුලින් බයයි කිව්ව නිසා දෙකයි කිව්වා
පැය හයක් ගියත් ආවේ මිනිස්සුමයි
කුල උරුමෙට දිලිසුනයි
දිවිතරණෙදි පිලිස්සුනයි
කරුමෙට සෙරෙප්පුව පයෙ පැටලුනයි
ඉතින් අනන්තයෙ කුමාරයත් රැවටුනයි

අමාවකටත් ඈ සාවි
උබ මහවි වෙන උන්ගෙ රන්කාසි
උබේ හමන පුසුඹත් අතවරයක් නොවෙන්න කපු ලිනන් සේද අස්සෙ හංගාවි ඈ
ගැල පැටවුනා වංචා වී මිසක්
දැලේ පැටලුනා නෙවෙයි කංසා වී
උබට බොලඳි කියපුන් තමයි දම්සාරි
උබ අහද්දි නොවන් සද කම්පා වී

උබ වටේමයි වාසනාව
උබ වාසනා උනත් දෙයිද වාසගම්
උබ නැවතුන කාරනාව හැමදාම රෑට විත් හීන කෙරුවා මත්
මට සිලිටුද මාව තාම? උබේ දෑස් හිනාව දැන් නෑ පෙනෙන්නවත්
ඔව්, උබ තනිකර භාවනාවක් මට මේ සමාජෙ උබෙන් පාපිස්නා කරත්

මං ඉපදුනේ සිංහබාහුගෙන් කියන තරමටම ඕපපාතිකයි ලංකාව
මං දන්නවා හීන ලෞකිකයි උබටත් උරුමයි ඒ ලංකාර
උබේ අප්පට තාම උබ දුවයි ඒක හිතපන් මැද සන්තාප
ඔව් ලෝකෙ උඩුදුවයි පින්තූර!
මයෙ ලොක්කියේ ඔක්කොම සංඛාර! මේ!
තනියක් නෑ සන්තාන
උබ දසුනයි හන්තාන
කෝ බැහැපන් පංකාව ලගින්
හිනාවක් දියන් සංසාර මට!

හද පාරලා මං ගාව අද ලංවා වෙලා කම්පාව ලඟ
පායන ඉර මට විස්වාස වෙන තරමට දැනිලම සන්තාප මට!
කුලේ, දේසේ, ජාතිය, දීගේ සම්බාධකද?
මගෙ දීපේ බුදුවරු වැඩ සේක්
හැරි හැරි වැඳපන් කාන්තාරවලත්!
ගිහින් අහපන් කිරි බීවේ උරලද? කැටියෝ පරිවාසවල
උබෙ සීලේ මොකද හිල් නන් පකටද නිල් නන් චින්තාව තුල!

මේ කලුවරේ...
රාග හී පපු කුරේ...
ඈ...
පරවුනේ...
ගිනියමේ

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings