Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Dakumkalu Sewanalle

👤 Amal Perera 🎼 Dakumkalu Sewanalle ⏱️ 4:52
🎵 2191 characters
⏱️ 4:52 duration
🆔 ID: 5493118

📜 Lyrics

ළඟින් මගේ ඉඳින් නොයා
දැකුම්කළු සෙවණැල්ලේ
හදින් මගේ ඉඳින් නොයා
හැඟුම්බර සිතුවිල්ලේ
සොයා මා ආවා
මුළු ලොව පීරා
මුවගින් පෑ සිනා
මා සනසාලා
අනන්තෙන් ආවා
ළංවී කීවා
සැමදා මාගෙයි මගේමයි කියා

මා ගිය පා සටහන් මැකී ගියාවේ
මන්දාරම දිනිඳු සඟවන නියාවේ
රැකගන් සිතුවම ඇගෙ මුවග සිනාවේ
ගිනි ඇවිලීලයි හිරු එළිය ගෙනාවේ
ගිනි ඇවිලීලයි හිරු එළිය ගෙනාවේ

ළඟින් මගේ ඉඳින් නොයා
දැකුම්කළු සෙවණැල්ලේ
හදින් මගේ ඉඳින් නොයා
හැඟුම්බර සිතුවිල්ලේ
සොයා මා ආවා
මුළු ලොව පීරා
මුවගින් පෑ සිනා
මා සනසාලා
අනන්තෙන් ආවා
ළංවී කීවා
සැමදා මාගෙයි මගේමයි කියා

සැඩ මාරුතයේ රළ පහර බිඳින්න
ගංගාවට මුසුව සයුර සිපගන්න
කුමරෙකු එන දවසට නුඹ ගෙනයන්න
මේ ගීතය ආසිරි ගීයක් වන්න
මේ ගීතය ආසිරි ගීයක් වන්න

ළඟින් මගේ ඉඳින් නොයා
දැකුම්කළු සෙවණැල්ලේ
හදින් මගේ ඉඳින් නොයා
හැඟුම්බර සිතුවිල්ලේ
සොයා මා ආවා
මුළු ලොව පීරා
මුවගින් පෑ සිනා
මා සනසාලා
අනන්තෙන් ආවා
ළංවී කීවා
සැමදා මාගෙයි මගේමයි කියා

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings