Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Jodu Jadumai

👤 The Gypsies 🎼 Swar Utsav 2001 - Sri Lankan Folk ⏱️ 4:05
🎵 3237 characters
⏱️ 4:05 duration
🆔 ID: 5493484

📜 Lyrics

ජෝඩු ජෝඩු මයි එන්නේ
අද අඳුරේම නටන්නේ
තෙරපි තෙරපි ඉන්නකොටයි
මේ අය හට සොමිය තියෙන්නේ
අන්න අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
කොල්ලො කෙල්ලො ඔහේ දඟලනවා
අන්න අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
කොල්ලන් සෙල්ලන් පෙන්නනවා

වයිවාරණ ඇදුන් ඇදන්
කොල්ලො කෙල්ලෝ බුරුතු පිටින්
හතර වටෙන් මෙහෙට ඇදෙනවා
ආතල් එක ගන්න හිතන්
රෑ එළිවෙන තුරුම ඉතින්
නටන්න කට්ටිය සෙට් වෙනවා
ඇත්තයි දඟල දඟල අවසිහියෙන්
පෙරළි පෙරළි බිම වැටෙමින්
පොළවේ පස් කන්න හදනවා
සමහරුන්ට අමර පදන්
කෙලින් ඉන්න බෑනේ හිටන්
එහෙට මෙහෙට ඔහේ වැනෙනවා

ජෝඩු ජෝඩු මයි එන්නේ
අද අඳුරේම නටන්නේ
තෙරපි තෙරපි ඉන්නකොටයි
මේ අය හට සොමිය තියෙන්නේ
අන්න අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
කොල්ලො කෙල්ලො ඔහේ දඟලනවා
අන්න අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
කොල්ලන් සෙල්ලන් පෙන්නනවා

වටින් පිටින් එළිය වැටිලා
වයසක අය හට ඇතිවෙලා
හිටගෙන නිදි කිරා වැටෙනවා
අයියෝ
ඩෝප් කාරයෙක් තද වෙලා
කෙල්ලෙක්ගේ අතින් ඇදලා
පොඩි වලියක් ඔන්න ඇදෙනවා
තිබුනත් මොන මොන ජරමර
නටන කොල්ලෝ නෑ කලබල
නට නට ඔහේ සොමිය ගන්නවා
ආ...
නටලා නටලා මදි උන අය
Show එක අවසාන කරන
ජාතික ගීයටත් නටනවා

ජෝඩු ජෝඩු මයි එන්නේ
අද අඳුරේම නටන්නේ
ඇත්තයි තෙරපි තෙරපි ඉන්නකොටයි
මේ අය හට සොමිය තියෙන්නේ
මල්ලි අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
කොල්ලො කෙල්ලො ඔහේ දඟලනවා
න්න අතන නටනවා
මෙන්න මෙහෙත් නටනවා
කොල්ලන් සෙල්ලන් පෙන්නනවා
නංගිලා අතන නටනවා
අපිටත් මෙහෙ නැටවෙනවා
එළිවෙලා මුන් තාම නටනවා
අන්න අතන නටනවා

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings