Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Kakiri Palena Tikiri Hinawai

👤 M S Fernando 🎼 Ms Janappriya Gee ⏱️ 2:58
🎵 3118 characters
⏱️ 2:58 duration
🆔 ID: 5493503

📜 Lyrics

කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
ඇගෙ ගමන බිමන නාරි ලතාවයි
කිංකිණි, කිංකිණි, කිංකිණි, කිංකිණි, කිංකිණි කතාවයි
කිංකිණි, කිංකිණි, කිංකිණි, කිංකිණි, කිංකිණි කතාවයි

කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
ඇගෙ ගමන බිමන නාරි ලතාවයි

ආදරෙන් බලන්න හිතෙනවා
ආදරෙයි කියන්න හිතෙනවා
කෝප වෙයි, නොවෙයි ද සිතෙනවා
ඈ මා ළඟින්ම පාද තබනවා

වාසනාව මෑත පේනවා
රසකින් රසින් ඇසේනවා
ආසාවෙන් දෑස වැහෙනවා
රෝස මල් ලොවක් මැවෙනවා

ඈ මා ළඟින්, මා ළඟින් පාද තබනවා
ඈ මා ළඟින්, මා ළඟින් පාද තබනවා

කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
ඇගෙ ගමන බිමන නාරි ලතාවයි
කිංකිණි, කිංකිණි, කිංකිණි, කිංකිණි, කිංකිණි කතාවයි
කිංකිණි, කිංකිණි, කිංකිණි, කිංකිණි, කිංකිණි කතාවයි

කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
ඇගෙ ගමන බිමන නාරි ලතාවයි

රන් තොරන් බඳින්න ඕනෙ ද
පාවඩ එලන්න ඕනෙ ද
හේවිසි වයන්න ඕනෙ ද
ඔය දෙපා තබන්නේ එහෙම ද

මල් සරාට වැරදිලා වගේ
මට පෙනෙන්නේ වැරදිලා වගේ
රුව තරම් සිත නොවෙයි ඇගේ
ආදරේ එපා කියයි මගේ

ඈ මා ළඟින්, මා ළඟින් පාද තබනවා
ඈ මා ළඟින්, මා ළඟින් පාද තබනවා

කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
ඇගෙ ගමන බිමන නාරි ලතාවයි
කිංකිණි, කිංකිණි, කිංකිණි, කිංකිණි, කිංකිණි කතාවයි
කිංකිණි, කිංකිණි, කිංකිණි, කිංකිණි, කිංකිණි කතාවයි

කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
ඇගෙ ගමන බිමන නාරි ලතාවයි
කිංකිණි, කිංකිණි, කිංකිණි, කිංකිණි, කිංකිණි කතාවයි
කිංකිණි, කිංකිණි, කිංකිණි, කිංකිණි, කිංකිණි කතාවයි

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings