Sithuwillak Paasa
🎵 1152 characters
⏱️ 3:12 duration
🆔 ID: 5494387
📜 Lyrics
සිතුවිල්ලක් පාසා මම සීරුවෙන් නුඹ සෙව්වා
නෙතු කැල්මක් පාසා මට සෙනෙහස දැනුනා
හැම හැඟුමක් පාසා නුඹ ආදරෙන් ළඟ උන්නා
පෙර සසරේ සේයා නෙත අභියස මැවුනා
කොඳ කැකුළක් සේ විලේ
සඳ සිහිනෙන් වෙලී වෙලී
රාත්රියේ නුඹ පීදුනා මගේ
උණුහුමේ සෙනෙහසේ
ගණ කළුවර ආකහේ
නුඹ දිදුලන තාරුකී
ජීවිතේ මග කී මගේ
මියුලැසී සුහදිනී
සිතුවිල්ලක් පාසා මම සීරුවෙන් නුඹ සෙව්වා
නෙතු කැල්මක් පාසා මට සෙනෙහස දැනුනා
හැම හැඟුමක් පාසා නුඹ ආදරෙන් ළඟ උන්නා
පෙර සසරේ සේයා නෙත අභියස මැවුනා
නෙතු කැල්මක් පාසා මට සෙනෙහස දැනුනා
හැම හැඟුමක් පාසා නුඹ ආදරෙන් ළඟ උන්නා
පෙර සසරේ සේයා නෙත අභියස මැවුනා
කොඳ කැකුළක් සේ විලේ
සඳ සිහිනෙන් වෙලී වෙලී
රාත්රියේ නුඹ පීදුනා මගේ
උණුහුමේ සෙනෙහසේ
ගණ කළුවර ආකහේ
නුඹ දිදුලන තාරුකී
ජීවිතේ මග කී මගේ
මියුලැසී සුහදිනී
සිතුවිල්ලක් පාසා මම සීරුවෙන් නුඹ සෙව්වා
නෙතු කැල්මක් පාසා මට සෙනෙහස දැනුනා
හැම හැඟුමක් පාසා නුඹ ආදරෙන් ළඟ උන්නා
පෙර සසරේ සේයා නෙත අභියස මැවුනා